ආගමික සහජීවනය තුලින් තිරසාර සංවර්ධනයකට පිය නගමු

මීට වසර 2000 කට කට පමණ පෙර තිරසාර සංවර්ධනය පිලිබඳ සංකල්පය ක්‍රියාවට නැං වූ ශ්‍රී ලංකාව එතුලින් කැපී පෙනෙන ප්‍රතිඵල අත්කර ගෙන ඇත.ශ්‍රී ලංකාවේ ඉපැරණි රාජධානි විසින් නිර්මාණය කරන ලද කෘෂිකාර්මික ආර්ථිකය පරිසර කළමනාකරණය විනයගරුක සමාජය හා ආර්ථික සංවර්ධනය සමඟින් දැඩි ලෙස බද්ධ වූවකි. ලංකේය මුතුන් මිත්තන් විසින් අනුගමනය කරන ලද මෙම සුසංගතය භාවිතය හේතුවෙන් අප පාරිසරික හා ආර්ථික තිරසාරත්වය සේම සමාජ හා සංස්කෘතික ස්ථාවරත්වයද ලබා ඇත්තෙමු.

ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි, ලෙස සමෝධානික ව්‍යුහයක ගෙතී තිබුන සමාජ ආකෘතික වියමන මේ සියල්ලේම සංහිඳියාවක් හා මනා ක්‍රියාන්විතයක් තහවුරු කර තිබේ. ගහකොළට සේම සියලු ජීවීන්ටද ගරු කිරීම පුරාතන රාජ්‍ය පාලනයෙහි සදාචාරාත්මක නෛතික සංකේත ලෙස මුල් බැසගෙන පැවති අතර සාමාන්‍ය ජීවන රටවෙහිද කොටසක් විය. වර්තමානයේ අර්බුදකාරී ලෙස දුපත් රාජ්‍ය කරෙහි බලපෑම් කරන ගෝලීය උණුසුම ඉහල යාම වැනි පාරිසරික ගැටළු ආසියාතික ජීවන රටාව නිසා උරුම වූවක් නොවන බව නම් ඉතා පැහැදිලිය.

නූතන ලෝකය තුල ජාතීන්ගේ චර්යාවන් පාලනය කරන මුඛ්ය ප්රතිපත්තිය විය යුත්තේ යම් රටක ඇති ස්වභාවික සම්පත් තිරසාර භාවිතයක් ඔස්සේ එම රටෙහි ජනතාවගේ යහපත උදෙසා යෙදවිය යුතු බවය. සිය ආර්ථික සමාජ තත්ත්වයන් වර්ධනය කර ගැනීම උදෙසා එම ජනතාව විසින් මෙම සම්පත් භුක්ති විඳීම තුලින් කිසි ලෙසත් අවහිර නොවිය යුතුය. නමුත් බලශක්ති ඉල්ලුම වැනි අවශ්යතාවයන් නාගරීකරණයත් අධික ජනගණ වර්ධන වේගයත් කාර්මීකරණයත් වැනි සාධක මත සපුරාලීම දුෂ්කර වෙමින් පවතී. ඒ ඉහල යන විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා ජල විදුලිය, පොසිල ඉන්ධන දහනය වැනි ක්රමවේදයන් භාවිතා කිරීම තුලින් විවිධාකාර පාරිසරික අර්බුද බිහිවී තිබේ.

නමුත් ස්වකීය සුඛ විහරණය උදෙසා පරිසරය ආයෝජනය කිරීම වැලැක්වීමේ ප්රතිපත්තිය පූර්ණ ලෙසම සියලු ජාතීන් විසින් පිළිගත යුතුව ඇත. පරිසරය සුරැකීමේ හා පෝෂණය කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව වැදගත්ම අදහස් දක්වූ විචාරකයා වන්නේ මිහිඳු මහරහතන් වහන්සේය. බුද්ධ ශ්රාවකයකු වූ උන්වහන්සේත් දේවානම්පියතිස්ස රජු අතරත් ඇති වූ සංවාදයේදී මතුවූ මූලික කරුණක් වූයේ රජතුමා යනු භුමියේ හා පරිසරයේ භාරකරු පමණක් බවත් එහි අයිතිය ඉදිරි පරම්පරාවන් සතු වන බැවින් මෙය විනාශ කිරීමට පාලකයාට අයිතියක් නොමැති බවත්ය. අපගේ ජාතික චින්තනයේ කේන්ද්රය වන්නේ මෙවැනි හරවත් ප්රතිපත්තීන්ය. එබැවින් එයට ගරු කරන වර්තමාන රජයේ සංහිඳියාවට හා යහපාලනයට මුලිකත්වයක් දෙන සංකල්පය යටතේ මේ බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීම ක්රියාත්මක වූයේ උක්ත පසුතලය මත පිහිටා පරිසරය හා සොබා දහම ආරක්ෂා කර ගැනීමේ අරමුණ පෙරමුණෙහි තබාගෙනය.

සියලුම ජනයා සමෘද්ධිමත් හා සාමකාමී ජීවිතයක් අපේක්ෂා කරන අතර තිරසාර සංවර්ධන සංකල්පය ප්රයෝගික යථාර්තයක් වනු දැකීමට කැමතිය. නමුත් මේ අභිලාෂයන් පූරණය කිරීමේදී පරිසරය හා සංවර්ධනය සමගින්ම සංවර්ධනය හා බලශක්තිය අතර එකමුතුව පවත්වාගෙන යාම සඳහා තුලනයක් ඇති කිරීම නොපමාව කල යුතුය. එබැවින් පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා යොමු වෙමින් සූර්ය බල සංග්රාමය ඔස්සේ බලශක්ති උත්පාදනය කිරීම ලාංකේය විදුලිබල ක්ෂේත්රයේ තීරණාත්මක ප්රගතිශීලී හැරවුම් ලක්ෂය බව පැහැදිලිය.

වසරකට ටොන් 0.6ක් පමණ වන අපගේ එක පුද්ගල කාබන් දහනය බොහෝ රටවල් හා සසඳන විට ඉතා අවම අගයක පවතී. එයට මූලික සාධකයක් වී ඇත්තේ අපේ සංවර්ධන ආකෘතිය පරිසරයට ගරු කරන ආගමික පසුතලය මත පිහිටා කටයුතු කරන සහනශීලී ජීවන ප්රතිපත්තිය නිසා බව ආඩම්බරයෙන් සඳහන් කල හැකිය.

ඒ සම්බන්ධව කෘතවේදීත්වයක් ලෙස ආගමික සිද්ධස්ථාන ගණනාවක් සූර්ය බලයෙන් ආලෝකමත් කරන්නට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්යංශය කටයුතු කල අතර සුනිත්ය බලශක්ති අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය හා ලංකා විදුලි පුද්ගලික සමාගම පූර්ණ සහයෝගය ලබාදෙන ලදී. එහි තාක්ෂණික මෙහෙවර මනාව ඉටු කරමින් ජේ ලංකා ටෙක්නොලොජීස් සමාගම එම සූර්යබල පද්ධති ස්ථාපනය කිරීමේ කටයුතු මනාව ඉටු කරන ලදී.

සූර්යබල සංග්රාමය යටතේ ස්ථාන 40කට අධික ප්රමාණයක බෞද්ධ, හින්දු, ඉස්ලාම් හා කතෝලික සිද්ධස්ථානවල මේ සූර්යබල පද්ධති ස්ථාපනය කල අතර එම ආගමික පුනර්ජීවනය තුලින් මහා පරිමාණ ආර්ථික ප්රතිපත්ති අතරට පරිසරය පිලිබඳ සංවේදීතාවය කාන්දු කරවන ආගමික සහජීවනයේ ඇති වටිනාකම හා කාලීන වැදගත්කම ගැන කතිකාවක් ගොඩ නැගීමට අප කටයුතු කරන්නෙමු.

දේශගුණික විපර්යාස පාලනයට හෝ වෙනත් ආකාරයක පාරිසරික අර්බුද ආමන්ත්රකණය කිරීමේ කටයුත්ත පවතින රජයකටම දරා සිටීමට නොහැකිය. මේ සඳහා සිය ආයතනික සමාජීය වගකීම මනාව ඉටු කරන ක්ෂේත්රකයේ පුරෝගාමී පුද්ගලික ආයතන වලට මැදිහත්වෙමේ වගකීමක් ඇති අතර ඔවුන් එය පහර නොහැරිය යුතුය.

එබැවින් මේ සමාජ වගකීමට උරදෙන්නට ඒ බැඳීම්වලට ගරු කරන ජේ ලංකා ටෙක්නොලොජීස් ඉත සිතින් කැපවෙන අතර මේ සිදු කරන සමාජ සත්කාරය තව දුරට්ටත් වැඩි වර්ධනය කර ගැනීමට මේ වෙසක් සමයේ කටයුතු කරන්නෙමු.